AFC Banner
AFC Banner
Empty Ad

T-10 ක්‍රිකට් වෙන්දේසිය නොවැම්බර් 10 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට පවත්වනු ලබන T-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වන අතර අවසන් මහ තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ සියලුම තරග කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම විශේෂත්වයක්.

තරගාවලියේ සුවිශේෂීතාව වන්නේ පිරිමි අදියරට සමගාමීව ලොව සිටින සුපිරි කාන්තා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ද කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමයි.

ප්‍රධාන තරගාවලිය වන පිරිමි තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර 6ක් කේන්ද්‍ර කරගනිමින් සකස් කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

“ක්‍රිකට් කියන්නේ දිගින් දිගටම පරිණාමය වෙමින් පවතින ක්‍රීඩාවක්. T-10 කියන්නේ ඒකෙ නවතම සොයා ගැනීම. ඒ වගේම ඒක ලොව පුරා ජනප්‍රිය ආකෘතියක් බවට මේ වෙනකොට පත්වෙලා තියෙන්නේ. මෙහි කොටස්කරුවකු වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර එය සාර්ථක ආරම්භයක් වනු ඇති බව අපේක්ෂා කරනවා“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

තරගාවලියේ සංවිධායකයින් වන T-Ten Sports Management ආයතනයේ ප්‍රධානී ශාජි උල් මල්ක් මහතා සඳහන් කර සිටියේ,

“අපි ටී-10 නීත්‍යානුකූල ආකෘතියක් ලෙස ලොව ස්ථාපිත කරලා තියෙනවා වගේම ඒක දැන් ප්‍රසිද්ධ තරගාවලියක් බවට පත්වෙලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙම ආකෘතිය සජීවීව දැක බලා ගනිමින් ක්‍රිකට් තරුවලට ඔල්වරසන් දෙන්න අවස්ථාවක් දැන් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටට පත් වෙනවා“ යනුවෙන්.

අදාළ තරගාවලිය සදහාා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මේ වන විටත් ආරම්භකර තිබෙන අතර එය ලබන 05 වැනිදායින් අවසන් වනු ඇති.

http://ttensports.com/ යන වෙබ් සබැඳිය හරහා අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින්ට ලියාපදිංචිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?