T-10 ක්‍රිකට් වෙන්දේසිය නොවැම්බර් 10 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට පවත්වනු ලබන T-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වන අතර අවසන් මහ තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ සියලුම තරග කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම විශේෂත්වයක්.

තරගාවලියේ සුවිශේෂීතාව වන්නේ පිරිමි අදියරට සමගාමීව ලොව සිටින සුපිරි කාන්තා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ද කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමයි.

ප්‍රධාන තරගාවලිය වන පිරිමි තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර 6ක් කේන්ද්‍ර කරගනිමින් සකස් කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

“ක්‍රිකට් කියන්නේ දිගින් දිගටම පරිණාමය වෙමින් පවතින ක්‍රීඩාවක්. T-10 කියන්නේ ඒකෙ නවතම සොයා ගැනීම. ඒ වගේම ඒක ලොව පුරා ජනප්‍රිය ආකෘතියක් බවට මේ වෙනකොට පත්වෙලා තියෙන්නේ. මෙහි කොටස්කරුවකු වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර එය සාර්ථක ආරම්භයක් වනු ඇති බව අපේක්ෂා කරනවා“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

තරගාවලියේ සංවිධායකයින් වන T-Ten Sports Management ආයතනයේ ප්‍රධානී ශාජි උල් මල්ක් මහතා සඳහන් කර සිටියේ,

“අපි ටී-10 නීත්‍යානුකූල ආකෘතියක් ලෙස ලොව ස්ථාපිත කරලා තියෙනවා වගේම ඒක දැන් ප්‍රසිද්ධ තරගාවලියක් බවට පත්වෙලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙම ආකෘතිය සජීවීව දැක බලා ගනිමින් ක්‍රිකට් තරුවලට ඔල්වරසන් දෙන්න අවස්ථාවක් දැන් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටට පත් වෙනවා“ යනුවෙන්.

අදාළ තරගාවලිය සදහාා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මේ වන විටත් ආරම්භකර තිබෙන අතර එය ලබන 05 වැනිදායින් අවසන් වනු ඇති.

http://ttensports.com/ යන වෙබ් සබැඳිය හරහා අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින්ට ලියාපදිංචිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47