අහුංගල්ල ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (13) ජීවිතක්ෂයට පත් වුණා.
සඟවා තිබූ අවි ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පෙරලා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමේදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ.
මෙලෙස මියගිය සැකකරු තණමල්විල ප්‍රදේශයේ පදිංචි කටුවන ගම්ආචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැති 36 හැවිරිදි වියේ පසුවන්නෙක්.
මොහු ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ නැමැත්තා ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
සැකකරු නීති විරෝධී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට ද හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 12 වන දින විශේෂ කාර්ය බලකාය විසින් අහුංගල්ල පොලිස් වසම් දික්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී එදිනම (12) අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීම සිදුකළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය කරගන්නා තොරතුරු මත ඊයේ (13) දින සඟවා ඇති ආයුධ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලපිටිය ප්‍රදේශයට පිටව ගොස් සිටියදී කැලෑබද ප්‍රදේශයක දී සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවියකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ.
එහිදි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමේදී සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි වාර්තා වුණේ.