RMV හිටපු කොමසාරිස් ජෙනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හිටපු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
53
+1
5
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53


?