RMV ලොක්කෙකුගේ පුතෙක් හොර අංක ගහගෙන හයි කැපෑසිටි බයික් පැදලා

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැකකරන අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව පොලිසිය මඟින් පැපිලියාන ප්‍රදේශයේ දී මෙම තරුණයින් සහ යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් තිදෙනා අතර මෝටර් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගේ පුත්‍රයෙක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගැනුණු යතුරුපැදි තුනෙන් 02ක ලියාපදිංචි අංක තහඩු සවිකර තිබී ඇති අතර, එක් යතුරුපැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මවකගේ නමට ලියාපදිංචි වී ඇති ස්කූටරයක ලියාපදිංචි අංක තහඩුව බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුමේ උසස් නිලධාරියාගේ පුත්‍රයා පැද වූ යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව තිබී නොමැති අතර, පිටුපස අංක තහඩුව පමණක් සවිකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය ඇත්තේ එලෙස සවිකර තිබූ අංක තහඩුව ද මඟ වැටී තිබිය දී අහුලාගත් එකක් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 20ත් 26ත් අතර වයසේ පසුවන බොරලැස්ගමුව, පානදුර සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර මෙම තරුණයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙක් ම අත්අඩංගුවට ගැනුණු තරුණයින් සහ යතුරුපැදි මුදාහරින ලෙස බලපෑම් සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

අත්අඩංගුවට ගත් තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, යතුරුපැදි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර හෙට (24) දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
20
+1
3
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46