RMV ලොක්කෙකුගේ පුතෙක් හොර අංක ගහගෙන හයි කැපෑසිටි බයික් පැදලා

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැකකරන අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව පොලිසිය මඟින් පැපිලියාන ප්‍රදේශයේ දී මෙම තරුණයින් සහ යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් තිදෙනා අතර මෝටර් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගේ පුත්‍රයෙක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගැනුණු යතුරුපැදි තුනෙන් 02ක ලියාපදිංචි අංක තහඩු සවිකර තිබී ඇති අතර, එක් යතුරුපැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මවකගේ නමට ලියාපදිංචි වී ඇති ස්කූටරයක ලියාපදිංචි අංක තහඩුව බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුමේ උසස් නිලධාරියාගේ පුත්‍රයා පැද වූ යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව තිබී නොමැති අතර, පිටුපස අංක තහඩුව පමණක් සවිකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය ඇත්තේ එලෙස සවිකර තිබූ අංක තහඩුව ද මඟ වැටී තිබිය දී අහුලාගත් එකක් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 20ත් 26ත් අතර වයසේ පසුවන බොරලැස්ගමුව, පානදුර සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර මෙම තරුණයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙක් ම අත්අඩංගුවට ගැනුණු තරුණයින් සහ යතුරුපැදි මුදාහරින ලෙස බලපෑම් සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

අත්අඩංගුවට ගත් තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, යතුරුපැදි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර හෙට (24) දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
20
+1
3
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?