RCB ගේමක් නැතිව LSG පරදා ප්‍රසාද ලකුණු පුවරුවේත් දෙවැනි ස්ථානයට එයි

IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ දී සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ලක්නව් සුපර් ජෑන්ට්ස් පිල කඩුලු 06කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ බැංග්ලෝර් කණ්ඩායම පළමු ව පිතිකරණයට ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

එම ඇරයුමට සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කළ ලක්නව් කණ්ඩායම කඩුලු 03කට දැවැන්ත ලකුණු 227ක පුවරුවක් ගොඩනැගුවා.

එහිදී ගිනිකෙළි වන් පිතිහරඹයක නිරත වූ නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 118ක් ලබා ගත්තා.

මිචෙල් මාර්ෂ් ලකුණු 67 යි.

කඩුලු බිඳ දැමීමේ දී නුවන් තුෂාර, භුවනෙෂර් කුමාර් සහ රොමාරියෝ ශෙපර්ඩ් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ ලකුණු 230ක් ලබා ගනිමින් ජය වාර්තා කළේ කඩුලු 04ක් පමණක් බිඳ වැටෙමින්.

ජයග්‍රහණය කණ්ඩායමට කැන්දූ නායක ජිතේෂ් ශර්මා නොදැවී ලකුණු 85ක් රැස් කළ අතර විරාට් කෝලි ලකුණු 54ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලක්නව් වෙනුවෙන් විලියම් ඖ’රේක් කඩුලු දෙකක් සහ ආකාෂ් සින්ග් හා අවෙෂ් ඛාන් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා නායක ජිතේෂ් ෂර්මා.

මෙම ජයත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නටත් සමත් වුණේ මුහුණ දුන් තරග 14න් 09ක් ම ජය ගනිමින්.

ඒ අනුව මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පන්ජාබ් කින්ග්ස්, රෝයල් චැලෙන්ජර්ස්, ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් සතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16