‘PUBG’ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි සිසුවා දිවි නසාගෙන

ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් වන ‘PUBG’ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි පාසල් සිසුවෙක් සියදිවි නසාගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

‘PUBG’ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි මෙම සිසුවාගේ දුරකථනය මව්පියන් විසින් ඊයේ (21) රැගෙන යාමෙන් පසු මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බෙටි රිෂේන්ද්‍ර නම් මෙම සිසුවා දිනකට පැය 10 කට වඩා වැඩි කාලයක් ‘PUBG’ ක්‍රීඩාවේ නියැලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහු පාසලට යාම පවා ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම තත්ත්වය මත ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුව උපදේශනය සඳහ මනෝචිකිත්සකයෙකු සහ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමටද කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවන්වල දී සිසුවා වෛද්‍යවරයාට පවා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවාගේ මෙම හැසිරීම් රටාව සමඟ කලකිරුණු ඔහුගේ දෙමව්පියන් මීට දින තුනකට පෙර ඔහුගේ ජංගම දුරකථනය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ‘PUBG’ ක්‍රීඩාව නොකර සිටීමට නොහැකිව සිසුවා මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
10
+1
52
+1
10
+1
41
+1
5
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43