ජනප්‍රිය අන්තර්ජාල ක්‍රීඩාවක් වන ‘PUBG’ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි පාසල් සිසුවෙක් සියදිවි නසාගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
‘PUBG’ ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි මෙම සිසුවාගේ දුරකථනය මව්පියන් විසින් ඊයේ (21) රැගෙන යාමෙන් පසු මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
බෙටි රිෂේන්ද්‍ර නම් මෙම සිසුවා දිනකට පැය 10 කට වඩා වැඩි කාලයක් ‘PUBG’ ක්‍රීඩාවේ නියැලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ හේතුවෙන් ඔහු පාසලට යාම පවා ප්‍රතික්ෂේප කර තිබුණා.
මෙම තත්ත්වය මත ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුව උපදේශනය සඳහ මනෝචිකිත්සකයෙකු සහ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමටද කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවන්වල දී සිසුවා වෛද්‍යවරයාට පවා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දරුවාගේ මෙම හැසිරීම් රටාව සමඟ කලකිරුණු ඔහුගේ දෙමව්පියන් මීට දින තුනකට පෙර ඔහුගේ ජංගම දුරකථනය සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව ‘PUBG’ ක්‍රීඩාව නොකර සිටීමට නොහැකිව සිසුවා මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.














කරුණාකර මේ වගේ ගොබ්බ පුවත් දාන්න එපා, මිනිසා කියන්නේ, එපා කියන දේම කරන්න උත්සහ කරන ජීවියෙක්. දැන් මේ සමාජයේ ඉන්න අනුවන කී දෙනෙක් ඔය ගැන විස්තර හොයන්න යයි කියලා ඔයා දන්නවද?
හොඳ දෙයක් ගැන ලියපන්.
Game ghnn ep.mth nulen beryne free fire ghl.18 hours ghuw daily.komhri hithalama wenas una.beth gnn oni scene newe.control ekk oni.