AFC Banner
AFC Banner
Empty Ad

“PMB RICE” හෙට සිට වෙළඳපොළට

වෙළෙඳපොලේ සහල් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් “PMB RICE” වෙළෙඳපොළට (27) දිනයේ සිට නිකුත් කිරීම නියමිතයි.

වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ” PMB RICE” නිෂ්පාදනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු අලෙවියට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර වී අලෙවි මණ්ඩලය සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

රජයේ පාලන මිලට වඩා අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බවයි එහි සභාපති නීල් ද අල්විස් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?