One Direction ජනප්‍රිය ගායන තරුවක් වන ලියම් ජේම්ස් ජීවිතක්ෂයට

ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතික සංගීත කණ්ඩායමක් වන ”One Direction’ සාමාජික ලියම් ජේම්ස් පේන් (Liam Payne) හදිසියේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ආර්ජින්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වැනි මහලෙන් ඇදවැටීමෙන් ඔහුගේ මරණය සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙසතියකට පෙර සිය සංගීත කණ්ඩායමේ හිටපු සගයකු වන නියාල් හොරන්ගේ ප්‍රසංගයක් සඳහා නගරයට ලියම් පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී රැඳී සිටි හෝටලයේ දී මෙම මරණය සිදු ව ඇති බවත් වාර්තා වනවා.

2010 වසරෙන් පසුව අතිශය ජනප්‍රියත්වයට පත් වූ තාරුණ්‍යයේ සංගීත කණ්ඩායමක් වන One Direction කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙසයි ලියම් කටයුතු කළේ.

ලියම් පේන් 2008 දී බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවක් වන ද ‘එක්ස් ෆැක්ටර්’ සඳහා ගායකයෙකු ලෙස සිය මංගල දර්ශනය ආරම්භ කළා.

1993 අගෝස්තු 29 වැනිදින බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් හි දී උපත ලැබූ අතර හෙතෙම ජීවිතක්ෂයට පත් වන විට 31 හැවිරිදි වියෙහි පසුවුණා.

හිටපු One Direction තරුවක් වන ලියැම් පේන්ගේ මරණය ගැන ශෝක වීමට රසිකයෝ හෝටල් පරිශ්‍රය වෙත පැමිණ ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08