AFC Banner
Empty Ad
Empty Ad

LTTE ලාංඡනය සහිතව පළමු වරට නිපදවූ මත්පැන් බෝතලයක්

LTTE ලාංඡනය සහිතව නිපදවන ලද මත්පැන් බෝතලයක් රැගත් පුද්ගලයෙකුගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

බොහෝ සමාජ මාධ්‍ය සහ Gossip වෙබ් අඩවි විසින් මෙය පිළිබඳව තොරතුරු දක්වා තිබුණේ කැනඩා කොටි ඩයස්පෝරාව මුල්වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙම මත්පැන් බෝතල්වල LTTE ලාංඡනය සහ LTTE නිල පුෂ්පය දක්වා තිබෙන බවත් මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් එම වාර්තා වල දැක්වුණා.

මේ පිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වූයේ කැනඩාවේ වෙසෙන ඩයස්පෝරා දෙමළ ජාතිකයෙකුගේ 50 වැනි උපන්දිනය වෙනුවෙන් පසුගියදා, මෙම විශේෂිත මත්පැන් මත ඔවුන්ගේ ලාංඡන යොදා නිපදවා ඇති බවයි.

මේ තුළින් සමාජ මාධ්‍ය තුළ අවධානය ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබෙනවා.

එමෙන්ම මේ ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට දෙමළ ඩයස් පෝරාව විසින් විශාල මුදලක් ගෙවන බවටද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?