LOLC අඛණ්ඩව 09 වරටත් ජනතා කිරුළ පළඳී

2025 ‘ස්ලිම් – කැන්ටාර්’ ජනතා සම්මාන උලෙළේ දී LOLC, අසමසම අඛණ්ඩ ව නවවැනි වරටත් කීර්තිමත් “වසරේ ජනතා මූල්‍ය සන්නාමය”ලෙසින් කිරුළු පැළඳුවා.

පරිපූර්ණ පාරිභෝගික පර්යේෂණයක් හරහා පිරිනමන මෙම සම්මානය තුළින් ශ්‍රී ලාංකික ජනතාව සමඟ LOLC සන්නාමයේ ප්‍රබල සම්බන්ධතාව සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ එහි ස්ථාවර ප්‍රමුඛත්වය පිළිබිඹු වන බවයි එම මූල්‍ය සමාගම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ.

ක්ෂේත්‍රයේ බොහෝ අනෙකුත් සම්මාන මෙන් නොව, ස්ලිම් – කැන්ටාර් ජනතා සම්මාන තීරණය කරනු ලබන්නේ සන්නාම ඇතුළාන්ත පිළිබඳ ව ගෝලීය ප්‍රමුඛයා වන කැන්ටාර් විසින් පවත්වනු ලබන ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් මගින්.

විනිශ්චය මණ්ඩලයක තීරණය මත රඳා පැවතීම වෙනුවට මුළුමනින්ම ජනතා කැමැත්ත, සන්නාම ඇගයීම සහ පාරිභෝගික විශ්වාසය මත පදනම් වන නිසා එය සන්නාමයක ස්ථාවරය පිළිබඳ වඩාත් අව්‍යාජ මිණුම් දණ්ඩක් බවට පත් කරනවා.

අඛණ්ඩ නවවැනි වරටත් මෙම කීර්තිනාමය හිමිකරගැනීම, සිය ගනුදෙනුකරුවන් සමඟ LOLC හි ගැඹුරු ලෙස මුල් බැසගත් සම්බන්ධතාව සහ විශිෂ්ටත්වය උදෙසා තිරසාර ලෙස කැපවෙමින්, වෙනස්වන අවශ්‍යතා අනුව පරිණාමය වීමේ හැකියාව පෙන්නුම් කරනවා.

LOLC අඛණ්ඩ ලෙස ලබන මෙම සාර්ථකත්වය මූල්‍ය සවිබලගැන්වීම, නවෝත්පාදනය සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා එහි සහතික වීම මඟින් මෙහෙයවනු ලබනවා.

අඩු පහසුකම් සහිත ප්‍රජාවන් වෙත සමීප වීම සහ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමිත්වය තුළින් LOLC මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය යළි අර්ථ දක්වා තිබෙනවා.

සිය ප්‍රධාන මූල්‍ය විසඳුම් වලින් ඔබ්බට ගිය LOLC ජනතාව උදෙසා වසර ගණනාවක ශක්තිවන්තභාවය සහ බලාපොරොත්තුව මූර්තිමත් කරන සන්නාමයක් වනවා.

ආර්ථික දුෂ්කරතාවන් වේවා, ගෝලීය බාධාවන් වේවා, අර්බුදකාරී සමයන්හිදී, ජාතියට අවශ්‍යම වූ පියවර ගනිමින් LOLC ශක්තියේ කුළුණක් ලෙස නැඟී සිටිනු ඇති.

LOLC සැබැවින්ම සුවිශේෂී වන්නේ ජනතාව සමඟ පවතින මෙලෙස ගැඹුරට විහිදුනු සම්බන්ධතාවය තුළිනි.

තිරසාර සහාය තුළින් අවදානම් කාණ්ඩයේ ප්‍රජාව නඟා සිටුවීමේ ‘දිවි සවිය’ මානුෂීය මෙහෙවර වැනි සැබෑ සමාජ බලපෑමක් ඇති කරන ව්‍යාපෘති තුළින් ද සමාගම පිළිගැනීමට ලක්ව තිබෙනවා.

මෙම සුවිසල් ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා;

“අඛණ්ඩව වසර නවයක් මෙම සම්මානය ජයග්‍රහණය කිරීම, LOLC කෙරෙහි ජනතා විශ්වාසය සහ පක්ෂපාතිත්වය තහවුරු කරනවා. ව්‍යාපාරයක් ලෙස පමණක් නොව ධනාත්මක වෙනසක් සඳහා වූ බලවේගයක් ලෙස මූල්‍ය සේවාවන්හී නව මුහුණුවරක් ඇතිකිරීමට අපගේ කැපවීම එමඟින් පිළිබිඹු වනවා. මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ස්පර්ශ කර ඇති “දිවි සවිය” මානුෂීය ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ඔස්සේ මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමේ සිට සමාජ බලපෑමක් ඇතිකිරීම දක්වා, අපගේ අවධානය යොමු වන්නේ පුද්ගලයින් සහ ව්‍යාපාර සමෘද්ධිමත් වීම උදෙසා සවිබලගැන්වීමටයි. මෙම පිළිගැනීම තුළින් කර්මාන්තයේ තවදුරටත් මිණුම් සලකුණු තැබීම සහ ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යාම සඳහාවූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරනු ඇති.” යනුවෙන්.

ව්‍යාප්ත වෙමින් පවත්නා මූල්‍ය ක්ෂේත්‍රය තුළ, අසමසම පාරිභෝගික අවධානය, ක්‍රියාශීලිත්වය සහ ශ්‍රී ලංකාවෙන් ඔබ්බට විහිදෙන දැක්ම තුළින් LOLC තවදුරටත් සුවිශේෂී වනවා.

මහාද්වීප හතරක කලාප රැසක ගෝලීය පියසටහන් ව්‍යාප්ත වීමත් සමඟ, LOLC සිය විශේෂඥතාව සහ බලපෑම නව වෙළෙඳපොළවල් වෙත රැගෙන යන අතර, දේශසීමාවලින් ඔබ්බටද මූල්‍ය බල කේන්ද්‍රයක් ලෙස එහි කීර්ති නාමය ශක්තිමත් කරනවා.

මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, LOLC මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණෙන අතර, ජනතා තේරීම නිවැරදි බව සනාථ කරමින් තවදුරටත් විශිෂ්ටත්වයම පිරිනමනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13