2026 පෙබරවාරි මස 15 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දීය නාවික හමුදා විසින් යුද්ධ නෞකා අභ්‍යාසයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ඉරාන රජයට අයත් යුද්ධ නෞකා තුනක් සහභාගි වී ඇති බවත්, මෙම යුද්ධ නෞකා අභ්‍යාස අවසන් වීමෙන් පසු ඉරානය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවේදී ඇමරිකාවේ සහ ඊශ්‍රායලය එක්ව ඉරාන රජයට එල්ල කරන ලද යුද්ධ ප්‍රහාර හමුවේ ඉන්දීය යුද්ධ අභ්‍යාසයට පැමිණි ඉරාන රජයට අයත් IRIS DENA නෞකාව ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් වු බව පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.
එම ප්‍රහාරයෙන් ඉරාන නාවික භටයන් 84 දෙනෙක් මියගිය අතර 32 දෙනක්ගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවට හැකි වුණා.
තවත් ඉරාන නාවික භටයන් රැසක් අතුරුදන් වු බවද එම සොයා ගත් මෘත දේහ දැනට ගාල්ල ජාතික රෝහලේ ශිතාගාර දෙකක් තුළ තැන්පත් කර ඇති බව ද දැනුම් දුන්නේ ය. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙසයි.
ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග නිකුත් කළා.
ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.













