IPL තරගාවලිය හෙට – මෙවර තරගාවලියට නව නීති තුනක්

හෙට (22) ආරම්භවන 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නව නිති තුනක් හඳුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වතාවට, පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය (කෙළ) යොදා ගැනීමට අවසර දී තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීම තහනම් කිරීමටයි කටයුතු කළේ.

මුම්බායි හි පැවති නායකයින්ගේ රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයකින් IPL බලධාරීන්ගේ බහුතර එකඟතාවයකින් පසුව මෙම තහනම ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම තරගාවලියේ රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුවන්ව දී තිබෙනවා.

ඉහළ ලකුණු ලබා ගැනීමේ ක්‍රීඩා ප්‍රවණතාවය දිගටම පවත්වාගැනීමට මෙම නීතිය හඳුන්වා දී ඇති අතර, දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා මෙම තීරණය වලංගු වන්නේ නැහැ.

ඊට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර අයි.පී.එල් තරගාවලියේ දී හදුන්වා දී තිබෙනවා.

තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ දමාගැනීමට සහ ආකර්ෂණය වැඩි කර ගැනීම වෙනුවෙන් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
8
+1
36
+1
10
+1
4
+1
5
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?