AFC Banner
Empty Ad
Empty Ad

IPL අවසන් තරගයට පෙර නරක ආරංචියක්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අයි.පී.එල්. අවසන් මහා තරගයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අවසන් පුහුණු සැසියට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

කොල්කටා කණ්ඩායම ඊයේ (25) සවස් වරුවේ විදුලි ආලෝකය යටතේ පුහුණුවීම් කිරීමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයින් ඔවුන්ගේ සුපුරුදු ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම ආරම්භ කරන විට වර්ෂාව පතිත වුණා.

මේ අතර හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ දිනය විවේක දිනයක් ලෙස ගතකිරීම ද විශේෂත්වයක්.

අවසන් තරගය සඳහා අද දිනයේ යොදාගන්නා තණ තීරුවේ මූලික සංයුතිය රතු පස්වන අතර, පන්දුව පිත්තට වඩා හොඳින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද දිනයේ තරගය පැවැත්වෙන්න චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ කාලගුණය සම්බන්ධයෙන් අද වර්ෂාව පිළිබඳ නිල පුරෝකථනයක් සිදුකර නැහැ.

කෙසේ නමුත් අඩු ආර්ද්‍රතාවය සමඟ අහස වළාකුළුවලින් පිරී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරගයට බාධාවක් එල්ල වුවහොත් අමතර දිනයක් ලෙස හෙට (27) දිනය අවසන් මහා තරගය සඳහා වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
7
+1
5
+1
1
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11

?