AFC Banner
AFC Banner
Empty Ad

IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට අනුව තම ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 328ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ අතර නව මිල රුපියල් 365ක් වනවා.

ඔටෝ ඩීසල් මිල රුපියල් දෙකකින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 308ක්.

සුපර් ඩීසල් ලිටරයක මිල රුපියල් 6කින් ඉහළ ගිය අතර නව මිල රුපියල් 346ක් වනු ඇති.

භූමිතෙල් මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 236ක් වනවා.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගම ද අද සිට සිය මිල ගණන් සංශෝධනය කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
3
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?