IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට අනුව තම ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 328ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ අතර නව මිල රුපියල් 365ක් වනවා.

ඔටෝ ඩීසල් මිල රුපියල් දෙකකින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 308ක්.

සුපර් ඩීසල් ලිටරයක මිල රුපියල් 6කින් ඉහළ ගිය අතර නව මිල රුපියල් 346ක් වනු ඇති.

භූමිතෙල් මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 236ක් වනවා.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගම ද අද සිට සිය මිල ගණන් සංශෝධනය කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32