spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තවදුරටත් ඇමෙරිකානු රජයේ සහයෝගය ලැබෙනවා… – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ (ඡායාරූප)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය වන සහයෝගය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් අද මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුනා.

රටෙහි මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒවායේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන බලපෑම පිළිබඳව ද සාකච්ඡා කෙරැනු අතර ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා රට ගෙන යාමට සියළුම කටයුතු සූදානම් බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශක්තිමත් අඩිතාලමක් සකස් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර හා සිදු කර ඇති අපහසු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ, රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කළ යුතු බවයි.

එමෙන්ම රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවත් ඒ අනුව සියළු රටවල සහයෝගය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බවත් තානාපතිනිය මෙහි දී සඳහන් කළා.

ඒ අනුව, ජාත්‍යන්තර ණය හිමියන්ගේ සුබවාදී තීරණ හමුවේ ශ්‍රී ලංකාව වඩාත් ස්ථිරසාර ආර්ථිකයක් ඉතාම ඉක්මනින් ළඟා කරගනු ඇති බව ද , ඊට අවශ්‍ය සෑම සහයෝගයක්ම ඇමෙරිකානු රජය විසින් තවදුරටත් ලබා දෙන බව ද තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?