spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම මාසයේ විදුලි බිලේ සංශෝධනයක්

මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යොමු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා විදුලිබල පද්ධතියට එක්වන මෙගාවොට් 120ක ප්‍රතිලාභය තුළින් ජනතාවට සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවයි.

විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රාත්‍රී කාලයේ එම ප්‍රමාණයේම විදුලිය නිපදවීමට යොදා ගන්නා ඩීසල් පිරිවැය කපා හැරිය හැකි බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?