මෙම මාසයේ විදුලි බිලේ සංශෝධනයක්

මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යොමු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා විදුලිබල පද්ධතියට එක්වන මෙගාවොට් 120ක ප්‍රතිලාභය තුළින් ජනතාවට සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවයි.

විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රාත්‍රී කාලයේ එම ප්‍රමාණයේම විදුලිය නිපදවීමට යොදා ගන්නා ඩීසල් පිරිවැය කපා හැරිය හැකි බව ද ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15