මාධ්‍යවේදී අසාම් අමීන්ට වන්දි ගෙවන ලෙස BBC ආයතනයට අධිකරණ නියෝගයක්

පසුගිය අප්‍රේල් 26 වැනි දින අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන් හැඩෝ විසින් අත්තනෝමතිකව සහ සිය තනතුරේ බලය භාවිත කරමින් ක්‍රියා කර ඇති බවයි.

මෙරට ප්‍රකට දේශපාලනඥකු මෙන්ම රංගන ශිල්පී රන්ජන් රාමනායක සමඟ පැවැත් වූ බව කියන දුරකථන සංවාදයක විකෘති කරන ලද හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීම හමුවේ මාධ්‍යවේදී අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට බීබීසීය ගත් තීරණය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව කම්කරු විනිශ්චය සභාව විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

බීබීසී මාධ්‍ය ආයතනයේ අවංක බව, ප්‍රතිපත්තිගරුක බව සහ ස්වාධීනත්වය ප්‍රශ්න කළ ‘සිංහලේ ව්‍යාපාරය’ සහ ‘වියත්මග සංවිධානය’ සිදුකළ මාධ්‍ය ප්‍රකාශ මත පදනම්ව අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට බීබීසීය කටයුතු කර තිබුණා.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදී අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බීබීසීය ගත් තීරණය සාධාරණ නොවන බවට අසාම් අමීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥයන් තර්ක කළා.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කළුතර කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනී අලංකා ඩී ඇන්තනී පැවසුවේ, මාධ්‍යවේදී අසාම් අමීන් බීබීසී පුවත් සේවයට අනුයුක්තව සේවය කළ පසුගිය වසර දහයක සේවා කාලය තුළ නොකැළැල් සේවා වාර්තාවක් පවත්වා ගනිමින් රාජකාරිය සිදුකර ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින් පෙනී යන බවයි.

එමෙන්ම ආයතනය මඟින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ සිදුකිරීමට මාධ්‍යවේදී අසාම් අමීන්ට අවස්ථාවක් ලබානොදී ඔහුව සේවයෙන් පහ කර ඇති බව පෙනී යන බව කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනිය සිය නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දේශපාලඥ රන්ජන් රාමනායක සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාධ්‍යවේදී අසාම් අමීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කළේ එම මාධ්‍යවේදියා බීබීසීයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කිසිදු ප්‍රවෘත්ති ආවරණයක් හෝ වාර්තාකරණයක් සිදුකර නොමැති බවයි.

පුද්ගලික සංවාදයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත් වූ අවස්ථාවේ ඔහු දේශපාලනඥයා සමඟ රාජකාරියට අදාළ කිසිදු සම්මුඛ සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද නීතීඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

මාධ්‍යවේදී අසාම් අමීන් දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා හෝ දුරකථන සංවාදවල නිරත වන බවත්, රාජකාරිය සිදුකිරීමේ දී අවශ්‍ය තොරතුරු සහ මූලාශ්‍ර ලබා ගැනීම සඳහා ද එලෙස දුරකථන සංවාදවල නිරත වන බව බීබීසීය හොඳින් දන්නා බවත් අධිකරණයට පෙනී ගොස් තිබෙනවා.

“මාධ්‍යවේදියෙකු ලෙස තොරතුරු මූලාශ්‍ර ලබාගැනීම සඳහා විවිධ දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට සිදු වූ බවට අයදුම්කරු සාක්ෂි ලබා දී ඇත. හරස් ප්‍රශ්න කිරීම්වලදි ද ඔහු පවසා ඇත්තේ බීබීසී පුවත් සේවයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී දේශපාලන පුවත් වාර්තාකරණය කළ බැවින් එහිදී දේශපාලන පුවත් වාර්තාකරුවෙකු ලෙස එම ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී දේශපාලන මූලාශ්‍ර සපයන දේශපාලඥයින් සමඟ සංවාදයේ නිරත වී අවශ්‍ය තොරතුරු අනාවරණ කරගැනීමට සිදු වූ බවයි. එබැවින් මාධ්‍යවේදියා දේශපාලඥයින් සමග නිරන්තරයෙන් සංවාදවල නිරත වූ බවත්, වගඋත්තරකාර ආයතනය යටතේ තම රාජකාරිය ඉටු කිරීමේදී පවා එම මාධ්‍යවේදියා එලෙස සිදු කරන බව වගඋත්තරකරු හොඳින්ම දන්නා බවත් ඉතා පැහැදිලියි” යනුවෙන් කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය ස්වකීය නියෝගයෙන් පෙන්වා දී ඇත්තේ.

මාධ්‍යවේදී අසාම් අමීන් ඉලක්ක කර ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කළේ ප්‍රධාන වශයෙන්ම 2019 පාස්කු ප්‍රහාරය සහ ඉන් පසුව පැවති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවයේ මාධ්‍ය වාර්තා කිහිපයක් මුහුණ දුන් පසුබෑම හේතුවෙන් බව කම්කරු අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නා.

එම වකවානුවේ මෙම ලිපි සහ ඇතැම් BBC ලෝක පුවත් සේවයේ වාර්තාකරණ කටයුතු මහජනතාවගේ අවධානයට ලක්ව ඇති බව අධිකරණයට දන්වමින් මාධ්‍යවේදී අසාම් අමීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ එම ලිපි සහ අසාම් අමීන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

BBC නියෝජිත Ian Haddow ද අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින්, පසුබෑමට ලක් වූ සහ ප්‍රශ්න ගත ප්‍රවෘත්ති ලිපිවලට අදාළව අසාම් අමීන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව පිළිගෙන තිබෙනවා.

එම ප්‍රශ්න ගත ලිපි බීබීසී පුවත් සේවයේ ලන්ඩන් නියෝජිතයින් විසින් නිර්මාණය කර ඇති බවයි අධිකරණය හමුවේ අනාවරණ වී ඇත්තේ.

මහජනතාවගේ දැඩි කතාබහට, ප්‍රශ්න කිරීමට සහ උදහසට ලක් වූ ලිපි සම්බන්ධයෙන් අසාම් අමීන්ගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත්, එකී ලිපි BBC ආයතනයේ ලන්ඩන් කාර්යාලයේ නියෝජිතයන් විසින් ලියා පළකරන ලද බවත් BBC ආයතනයේ නියෝජිත ඉයන් හැඩෝ විසින් ඔහුගේ සාක්ෂියේ දී පිළිගෙන තිබෙනවා.

BBC ආයතනයේ නියෝජිත ඉයන් හැඩෝ විසින් අසාම් අමීන්ගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම බලහත්කාරයෙන් BBC ආයතනයට අනුබද්ධ කරන ලද බවත්, BBC ආයතනයේ ඉහළ අධිකාරියට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව එකී ඉයන් හැඩෝව් සිය වරද පිළිගෙන, අසාම් අමීන්ගේ සමාජ මාධ්‍ය ගිණුම යළි එහි මුල් තත්ත්වයට හරවන ලද බවට මෙන්ම ඔහු විසින් අසාම් අමීන්ව අසාධාරණ සැලකීමකට ලක්කළ බව සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවටත් කම්කරු විනිශ්චයාධිකාරය සෑහීමට පත්වුණා.

මාධ්‍යවේදී අසාම් අමීන් වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නිවේදනය කළේ ඔහු සේවය කළ බීබීසීයේ ‘සිංහල සේවය’ වසා දමා ඇති බැවින් යළි සේවයේ පිහිටුවීම කළ නොහැකි හෝ එය ප්‍රායෝගික නොවන බවයි.

කෙසේ වෙතත්, කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නියෝග කළේ 2010 සිට 2020 දක්වා වූ වසර 10ක කාලයක් වන මාධ්‍යවේදි අසාම් අමීන්ගේ සේවා කාලය සඳහා බීබීසීය විසින් අසාම් අමීන්ගේ සේවය අසාධාරණ ලෙස අවසන් කිරීම වෙනුවෙන් වන්දි ලබා දිය යුතු බවයි.

“අසාධාරණ ලෙස සේවා නියුක්තිය අවසන් කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුට වන්දි ලබාදීම සාධාරණ හා යුක්ති සහගතය. එය වසර 10කට ආසන්න කාලයක් පුරා විහිදෙන ඔහුගේ සේවා කාලයේ සෑම වසරකම එක් මසක වැටුපට දළ වශයෙන් සමාන වන මාස දහයක වැටුප ප්‍රදානය කිරීම ලෙස සිදු කළ යුතුය” යනුවෙන් කම්කරු විනිශ්චය සභාව විසින් තීන්දු කළා.

අසාම් අමීන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක, නීතිඥ මිගාර ඩොස් සහ හර්ෂණ එම්. ද සිල්වා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18