ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැළිය මේ වනවිට බොරැල්ල කැම්බල් පිටියේ දී ආරම්භ වී තිබෙනවා.
මෙම මැයි දින රැළිය සඳහා එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර එක් වූ බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්ව සිටිනවා.













