AFC Banner
Empty Ad
Empty Ad

IMF වාර්තාව ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මෙරට ආර්ථික තත්වය පිළිබඳ ආටිකල් ෆෝ විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල පසුගිය වසරේ දෙසැම්බරයේ සිට ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක් රජයේ අනුමැතිය ලබාදුන් බව ද එමඟින් සඳහන් කළා.

එමෙන්ම අයි.එම්.එෆ්. වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටිනවා.

නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල වෙළඳපොල පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්.

එමෙන්ම පොදු ජනතාව ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි මහ බැංකුව අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?