කාන්තා පාපන්දු කණ්ඩායම විවෘත දෑතින් පිළිගන්නා බව ඉරානය පවසයි

ඕස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන තරඟාවලියෙන් පසු රටට ආපසු පැමිණෙන ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් “විවෘත දෑතින් පිළිගන්නා” බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

තරගාවලියේ තරගයක් ආරම්භ වීමට ප්‍රථමව එම ක්‍රීඩිකාවන් ඉරාන ජාතික ගීය ගායනා කිරීමෙන් වැලකි සිටීමත් සමඟ ලොවපුර එය මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුණා.

ඒ අනුව තරගාවලියේ දී ඉරාන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 05 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කළ අතර ඕස්ට්‍රේලිය රජය විසින් ද ඔවුන්ට සරණාගතභාවය ලබා දීමට එකඟතාවය වී තිබුණා.

කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි ක්‍රීඩිකාවන්ගෙන් “නිවසට එන ලෙස” ඉල්ලා තිබෙනවා.

“ඉරානයේ කාන්තා පාපන්දු කණ්ඩායමට: කරදර නොවන්න – ඉරානය විවෘත දෑතින් ඔබ එනතුරු බලා සිටී,” යනුවෙන් ඔහු විසින් X සටහනක් තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31