IMF වාර්තාව ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මෙරට ආර්ථික තත්වය පිළිබඳ ආටිකල් ෆෝ විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල පසුගිය වසරේ දෙසැම්බරයේ සිට ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක් රජයේ අනුමැතිය ලබාදුන් බව ද එමඟින් සඳහන් කළා.

එමෙන්ම අයි.එම්.එෆ්. වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටිනවා.

නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල වෙළඳපොල පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්.

එමෙන්ම පොදු ජනතාව ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි මහ බැංකුව අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22