IMF පළමු ණය වාරිකය ඉදිරි දින 02ක තුළ – කළමණාකාර අධ්‍යක්ෂිකාවගෙනුත් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු ණය වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව එම අරමුදල පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 03ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

මේ අතර මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.

ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව සඳහන් කළ අතර, ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවධානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව සිටින බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා යුතු බවත් ඇය පෙන්වා දෙනවා.

දුප්පත් හා අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය එකඟතාවක අවශ්‍යතාව ද ඇය මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?