AFC Banner
Empty Ad
Empty Ad

IMF දෙවන වාරිකය ලැබෙන කාලය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමි වනු ඇති බව විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අනිද්දා පැවැත්වීමට නියමිත බවයි ඇමතිවරයා කියා සිටියේ.

එහිදී ශ්‍රී ලංකාවේ යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව ඔහු සඳහන් කළා.

දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවන වාරිකය ලබාදෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමිවීම තුළින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?