ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීමට මෙතෙක් රජය විසින් තීරණයක් ගෙන නමැති බව කබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
අද (29) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලාදෙමින් ඔහු මේ බව පැවසුවා.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුරෝකථනයන් සාර්ථක ගෙන ගෙන ඇතත් තවත් පුරෝකථනයන් සඳහා වූ ඉලක්ක තවමත් සපුරා ගෙන නොමැති බවයි.
ලෝකයේ පවතින තත්ත්වයන්, ආර්ථක තත්ත්වයන් සියල්ල සලකා බලමින් අවශ්‍ය මොහොතේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.













