මාර්තු මාසයේ 07 වනදා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
සති දෙකකට ආසන්න කාලයක් IMF නියෝජිතයින් දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවත් එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදි කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1



