කෝවිලක් ආසන්නයේ ඇති වූ ආරවුල දුරදිග ගොස් තරුණයෙක් මෙලොව හැරයයි

වඩුක් කෝට්ටේ පොලිස් වසමේ තොල් පුරම් මධ්‍යම ප්‍රදේශයේ දී ඊයේ (12) දින රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වඩුක් කෝට්ටේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වන තොල් පුරම් මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තොල් පුරම් මධ්‍යම ප්‍රදේශයේ කෝවිලක් ආසන්නයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතරතුර සිදුකල තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරු යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වඩුකෝට්ටේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25