එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට අයි.සී.සීය ගත් තීරණයට අභියෝග කිරීමට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් පවසනවා.
සෙනසුරාදා ඩකාහි පැවති මණ්ඩල රැස්වීමකින් පසුව මාධ්‍ය කමිටු සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, අයි.සී.සීයේ ආරවුල් විසඳීමේ කමිටුවෙන් ඉල්ලා සිටි නමුත් එවැනි පියවරක් ගෙන නොමැති බවයි අම්සාඩ් පවසන්නේ.
“ICC අපට ක්‍රීඩා කිරීමට හෝ ඔවුන්ට අපගේ ක්‍රීඩා ශ්‍රී ලංකාවට මාරු කිරීමට නොහැකි බව පවසා ඇති බැවින්, මෙම අවස්ථාවේ දී අපට ඉන්දියාවට ගොස් ක්‍රීඩා කළ නොහැක. අපගේ ස්ථාවරය එලෙසම පවතී. අපි වෙනම බේරුම්කරණයකට හෝ මෙහි කිසිම දෙයකට යන්නේ නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
පසුගිය සතියේ, අයි.සී.සී මණ්ඩල රැස්වීමකදී, බංග්ලාදේශයට මෙවර ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පැමිණිය නොහැකි නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් පත් කරන බව දැනුම්දෙනු ලැබුවා.
ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු පවතින බවට සඳහන් කරමින් බංග්ලාදේශට ඉන්දියාවට පැමිණිය නොහැකියි යන්න දැඩි තීරණයේ පසු වුණා.
ඒ, අනුවයි බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කරමින් ස්කොට්ලන්තය තරගවලියට එක්කර ගැනීමට අයි.සී.සීය කටයුතු කළේ.



