ICC තහනම පනවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඊයේ (10) තීරණය කරණු ලැබුවා.

කෙසේ වෙතත් ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ්අඩවියක් වන cricinfo වෙබ්අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තහනම පනවා ඇති බවයි.

මෙම තහනම පනවමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතිකවීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම තහනම පැනවීමේ තීරණය ගෙන ඇති අතර, ලබන 21 වනදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල මණ්ඩල හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගතයුතු අනෙකුත් තීරණයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාව සමාජගත වීමත් සමඟ සහ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි මෙරට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ, අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ඉවත් කොට අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව නව අන්තර් පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කෙරුණා.

නමුත් ඊට පසු දිනයේ අමාත්‍යවරයා විසින් පත්කරන ලද අන්තර්පාලන මණ්ඩලයේ කටයුතු දින 14 කට අත්හිටුවමින් අභියාචනාධිකරණය මගින් වාරණයක් පැනවූ අතර, ඉන් පසුව මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදීත් විවාදයට ගැනුණා.

කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් බලා සිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ඊයේ (10) දින කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
3
+1
4
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?