ICC තහනම පනවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඊයේ (10) තීරණය කරණු ලැබුවා.

කෙසේ වෙතත් ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ්අඩවියක් වන cricinfo වෙබ්අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තහනම පනවා ඇති බවයි.

මෙම තහනම පනවමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතිකවීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම තහනම පැනවීමේ තීරණය ගෙන ඇති අතර, ලබන 21 වනදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල මණ්ඩල හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගතයුතු අනෙකුත් තීරණයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාව සමාජගත වීමත් සමඟ සහ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි මෙරට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ, අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ඉවත් කොට අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව නව අන්තර් පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කෙරුණා.

නමුත් ඊට පසු දිනයේ අමාත්‍යවරයා විසින් පත්කරන ලද අන්තර්පාලන මණ්ඩලයේ කටයුතු දින 14 කට අත්හිටුවමින් අභියාචනාධිකරණය මගින් වාරණයක් පැනවූ අතර, ඉන් පසුව මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදීත් විවාදයට ගැනුණා.

කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් බලා සිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ඊයේ (10) දින කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
3
+1
4
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47