ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි කමිඳු, ධනා හා චන්දිට උසස්වීම් – ජැන්සන්ගෙන් වේගවත් පිම්මක්

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම්, පිතිකරුවන්, පන්දු යවන්නන් සහ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2024 දෙසැම්බර් 03 වැනි දින වන විට ලොව සිටින හොඳම ටෙස්ට් කණ්ඩායම බවට සුපුරුදු පරිදි ඔස්ට්‍රෙලියාව පත් ව සිටිනවා.

දෙවැනි ස්ථානය ඉන්දියාවට සහ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි සයවැනි ස්ථානයයි.

එමෙන්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර මුල් දසදෙනා අතර ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් ව සිටිනවා.

ඔහු ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ සිය ස්ථානය 07 බවට පත් කරගනිමින්.

එංගලන්තයේ ජෝයි රූට් තවමත් මුදුනා ව සිටින අතර හැරී බෘක් ස්ථාන 02ක් පසුකර දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් ව සිටිනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ නායක ටෙම්බා බවුමා ද පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී පිතිකරණයෙන් දැක්වූ කුසලතාව මත ස්ථාන 14කින් ඉහළට පැමිණ ඇත්තේ දසවැනියා බවට පත්වෙමින්.

ධනංජය ද සිල්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත්තේ සිය ස්ථානය 15 බවට පත් කරගනිමින් වන අතර දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 17 වැනියා බවට පත්ව සිටිනවා.

මේ අතර ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කි‍රීම් හි දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක මාර්කෝ ජැන්සන් විශිෂ්ට ප්‍රගතියක් ලබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන් හිදී දැක්වූ දක්ෂතාව හේතුවෙන්.

ජැන්සන් ස්ථාන 10කින් ඉදිරියට එමින් හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත් ව ඇත්තේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජාට පමණක් පසුපසට එමින්.

එමෙන්ම ජැන්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ද ස්ථාන 19කින් ඉදිරියට එමින් 09 වැනි ස්ථානයට පත් ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 03කින් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය 08 බවට පත් කරගනිමින්.

මෙම තුන් ඉරියව් ලැයිස්තුවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් කිසිදු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලැයිස්තුවේ මුල් 20 දෙනා අතර හෝ නොවීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08