Empty Ad
AFC Banner
Empty Ad

ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩිකාවකට දූෂණ චෝදනා මත ක්‍රිකට් තහනම් වෙයි

බංග්ලාදේශයේ දඟ පන්දු යවන්නියක් වන ෂොහෙලි අක්තර් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 05ක කාලයක් තරග තහනමක් පනවනු ලැබුවා.

දූෂණ චෝදනා මත මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2022 දී අවසන් වරට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නියක් වන අක්තර්, දූෂණ චෝදනා මත තහනමට ලක් වූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසටත් ඉතිහාසගත වනවා.

එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග 13ක් ක්‍රීඩා කර ඇති අක්තර්, පාවාදීමකට උත්සාහ කිරීම, අල්ලසක් ලබා දීම සහ ICC දූෂණ විරෝධී නීති සංග්‍රහයේ (ACU) ප්‍රවේශයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි නොකිරීම මෙන්ම විමර්ශනයට බාධා කිරීම යන චෝදනාවලට වරදකරු වී ඇති බවයි පැවසෙන්නේ.

දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන පහක් උල්ලංඝනය කළ බව පිළිගත් පසු ඇයට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති 2023 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩිකාවකට ඇය කළ බලපෑමක් වටා ඇයට එරෙහි චෝදනා කේන්ද්‍රගත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
9
+1
1
+1
2
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48

?