ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩිකාවකට දූෂණ චෝදනා මත ක්‍රිකට් තහනම් වෙයි

බංග්ලාදේශයේ දඟ පන්දු යවන්නියක් වන ෂොහෙලි අක්තර් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 05ක කාලයක් තරග තහනමක් පනවනු ලැබුවා.

දූෂණ චෝදනා මත මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2022 දී අවසන් වරට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නියක් වන අක්තර්, දූෂණ චෝදනා මත තහනමට ලක් වූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසටත් ඉතිහාසගත වනවා.

එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග 13ක් ක්‍රීඩා කර ඇති අක්තර්, පාවාදීමකට උත්සාහ කිරීම, අල්ලසක් ලබා දීම සහ ICC දූෂණ විරෝධී නීති සංග්‍රහයේ (ACU) ප්‍රවේශයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි නොකිරීම මෙන්ම විමර්ශනයට බාධා කිරීම යන චෝදනාවලට වරදකරු වී ඇති බවයි පැවසෙන්නේ.

දූෂණ විරෝධී නීති සංග්‍රහයේ විධිවිධාන පහක් උල්ලංඝනය කළ බව පිළිගත් පසු ඇයට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති 2023 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩිකාවකට ඇය කළ බලපෑමක් වටා ඇයට එරෙහි චෝදනා කේන්ද්‍රගත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36