නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව, තරගාවලිය ක්‍රීඩාකළ රටවල්වල කිහිපයක ක්‍රීඩකයින් යොදා ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස කණ්ඩායමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම්ට හිමිව තිබෙනවා.
එමෙන්ම එම කණ්ඩායම සඳහා මෙවර ලෝක කුසලානය තරගාවලියේ ශුරයන් වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙක්ම ඇතුළත්ව කර තිබීම විශේෂත්වයක්.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර ඇති එම කණ්ඩායම පහතින්,
සහිබ්සාදා ෆර්හාන් (පාකිස්ථානය) , සංජු සැම්සන් – කඩුලු රකින පිතිකරු (ඉන්දියාව), ඉෂාන් කිෂාන් (ඉන්දියාව), ඒඩන් මාක්‍රම් – නායක (දකුණු අප්‍රිකාව), හර්දික් පාණ්ඩ්‍යා (ඉන්දියාව), විල් ජැක්ස් (එංගලන්තය), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්), ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව), ලුන්ගි එන්ජිඩි (දකුණු අප්‍රිකාව), ආදිල් රෂීඩ් (එංගලන්තය), බ්ලෙසින් මුසරබානි (සිම්බාබ්වේ) සහ 12 වන ක්‍රීඩකයා ලෙස ෂැඩ්ලි වෑන් ෂාල්ක්වික් ( ඇමෙරිකාව)













