HIV නව ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, 2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි

2023 වසරේ දී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින්. පිරිමි පුද්ගලයින් 611 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක්.

කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7කි.

ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බවයි වාර්තා වී තිබෙන්නේ. 2022 වසරේදී ද නව HIV ආසාදිතයින් 607දෙනෙකු වාර්තා වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි ලැසි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..දැඩි ආරක්ෂාව මැද රැගෙන යන හැටි
01:37
Video thumbnail
බන්ධනාගාරය තුලදී ප#රදී පුද්ගලයකු ඝා#නය කල බැසිල් හා නිමල්ට ම#ණ දඬුවම්
02:09
Video thumbnail
දඹුල්ල ඉබ්බන්කටුව වැවේ ඇස් පනාපිට සිදුවූ අනවසර ඉදිකිරීම්..රජයේ ආයතන 16ක් අනුමැතියත් දීලා
11:09
Video thumbnail
හුන්ඩුවට කවියක් හදලා කාන්තාවන් සැරටම දෙසයි..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57