HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි
2023 වසරේ දී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින්. පිරිමි පුද්ගලයින් 611 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක්.
කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7කි.
ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බවයි වාර්තා වී තිබෙන්නේ. 2022 වසරේදී ද නව HIV ආසාදිතයින් 607දෙනෙකු වාර්තා වී තිබුණා.













