බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන
ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍ය අනුර කරණාතිලක, අමාත්‍යශයේ ලේකම්වරයා, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනුකළ පෙත්සමක් සලකා බැලීම අද (10) අභියාචනාධිකරණයේ දී සිදු කෙරුණා.
එහිදී එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහජන උපයෝගීතා කොමිසම විසින් ජාතික පද්ධති ක්‍රියාකාර සමාගමට යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කරුණු ඉදිරිපත් කළා.
බාලගල් අඟුරු භාවිත කර විදුලිය උත්පාදනය කිරීමේ දී ඇති වූ පාඩුව පියවා ගැනීම විදුලි බිල වැඩි කිරීම හරහා ජනතාවගෙන් සිදු කර නොගන්නා බවට අධිකරණය හමුවේ වගඋත්තරකරුවන් ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් පෙත්සම ඉවත් කර ගන්නා බවයි එහිදී නීතිඥවරයා සඳහන් කළේ.










