GMOA ලබන සතියේ වැඩ වැරුමක – අද සිට රෝහල්වල කළු කොඩිත් එසවෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන සතියේ වැඩ වර්ජනයක් සිදු කිරීමට සූදානමින් සිටිනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල පැවසුවේ
එළඹෙන බදාදා දින එනම් සැප්තැම්බර් මස 18 වැනිදා දිවයින පුරා දීපව්‍යාප්ත වර්ජනයක් සිදු කරන බවයි.

එමෙන්ම අද දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු රෝහල්වල කළු කොඩි දැමීමට ද තීරණය කර ඇති බවයි ලේකම් ප්‍රභාත් මහතා පැවසුවේ.

සිය වෘත්තිය තුළ රෝගී සත්කාරය ඉහළින් සිදු කිරීමේ දී රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු, ඖෂධවල හිඟකම පිළිබඳ ව මහජනතාවට දැනුම්වත් කිරීමට අයිතියක් පවතින බවත්; සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී මේ සිදු කරන විනය පරීක්ෂණය පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

ඊයේ (10) දින වෛද්‍ය සංගමයේ විධායක කමිටුව මෙන් ම මධ්‍යම කාරක සභාව එක් ව තීරණ විශාල ප්‍රමාණයක් ගත් බවත්; වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණ කරන්න එපා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දී ඇත්නම්; ඔහුට විරුද්ධ ව කිසිදු පැමිණිල්ලක් නොමැති නම් මෙම විනය පරීක්ෂණය කුමන පදනමක් මත, කාගේ වුවමනාවකට සිදු කරන්නේ දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා.

අද දින සිට සියලුම රෝහල්වල මේ හේතුවෙන් දින හතක් කළු කොඩි දැමීමට තීරණය කර ඇති බවත්; දින 07 අවසානයේ දී විනය පරීක්ෂණය අවසන් කිරීමට තීරණය නොකළහොත් එළඹෙන 18 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම්දී ඇත්තේ.

එසේ වුවහොත් මෙම වැඩ වැරුම සැප්තැම්බර් 18 වැනි දින උදේ 8 සිට ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?