GMOA ලබන සතියේ වැඩ වැරුමක – අද සිට රෝහල්වල කළු කොඩිත් එසවෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන සතියේ වැඩ වර්ජනයක් සිදු කිරීමට සූදානමින් සිටිනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල පැවසුවේ
එළඹෙන බදාදා දින එනම් සැප්තැම්බර් මස 18 වැනිදා දිවයින පුරා දීපව්‍යාප්ත වර්ජනයක් සිදු කරන බවයි.

එමෙන්ම අද දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු රෝහල්වල කළු කොඩි දැමීමට ද තීරණය කර ඇති බවයි ලේකම් ප්‍රභාත් මහතා පැවසුවේ.

සිය වෘත්තිය තුළ රෝගී සත්කාරය ඉහළින් සිදු කිරීමේ දී රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු, ඖෂධවල හිඟකම පිළිබඳ ව මහජනතාවට දැනුම්වත් කිරීමට අයිතියක් පවතින බවත්; සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී මේ සිදු කරන විනය පරීක්ෂණය පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

ඊයේ (10) දින වෛද්‍ය සංගමයේ විධායක කමිටුව මෙන් ම මධ්‍යම කාරක සභාව එක් ව තීරණ විශාල ප්‍රමාණයක් ගත් බවත්; වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණ කරන්න එපා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දී ඇත්නම්; ඔහුට විරුද්ධ ව කිසිදු පැමිණිල්ලක් නොමැති නම් මෙම විනය පරීක්ෂණය කුමන පදනමක් මත, කාගේ වුවමනාවකට සිදු කරන්නේ දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා.

අද දින සිට සියලුම රෝහල්වල මේ හේතුවෙන් දින හතක් කළු කොඩි දැමීමට තීරණය කර ඇති බවත්; දින 07 අවසානයේ දී විනය පරීක්ෂණය අවසන් කිරීමට තීරණය නොකළහොත් එළඹෙන 18 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම්දී ඇත්තේ.

එසේ වුවහොත් මෙම වැඩ වැරුම සැප්තැම්බර් 18 වැනි දින උදේ 8 සිට ක්‍රියාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39