ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු විසින් මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කර තිබෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් සටහනක් සිය Instagram සමාජ මාධ්‍ය ගිණුම වෙත එක්කර තිබුණා.
එහිදී බිනුර ප්‍රනාන්දු විසින් පෙන්වා දී ඇත්තේ තමන් සහභාගී නොවුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තමන් අසමත් වී ඇති බවට වාර්තා වන බවයි.
“මම සහභාගීවත් නොවුණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් මම අසමත් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මම නිදාගෙන ඉද්දි මැරතන් තරඟයක් වුණත් දිනන්න පුලුවන්.” යනුවෙන් ඔහු සිය Instagram ගිණුම වෙත එක්කර තිබූ සටහනේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
10
+1
+1
+1
+1













