DIG බිරිඳට නිධානය ගොඩගන්න කුකුළා ඇතුළු පූජා බඩු සපයා ඇත්තේ පොලිසියෙන්

නිධානයක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුළෙකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ පොලිස් ස්ථානයකින් බව අනාවරණය වී තිබෙනවා.

කොළඹට ආසන්න පොලිස් ස්ථානයකි අදාළ බඩු බාහිරාදිය මෙන්ම කුකුළා සපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග මතයි එම බඩු බාහිරාදිය සපයා ඇත්තේ.

මේ අතර බිරිඳ නිධානය ගොඩගන්නා අවස්ථාවේ දී අදාළ නියෝජ්‍ය පොලිස්පති සැමියා ද අනුරාධපුරයේ රැඳී සිට ඇති බවට පවතින සැකයක් මත විමර්ශනය ද අරඹා තිබෙනවා.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමේ නිරතව සිටිය දී දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අටදෙනෙක් පසුගිය 14 වනදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
29
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?