DIG බිරිඳට නිධානය ගොඩගන්න කුකුළා ඇතුළු පූජා බඩු සපයා ඇත්තේ පොලිසියෙන්

නිධානයක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුළෙකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ පොලිස් ස්ථානයකින් බව අනාවරණය වී තිබෙනවා.

කොළඹට ආසන්න පොලිස් ස්ථානයකි අදාළ බඩු බාහිරාදිය මෙන්ම කුකුළා සපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග මතයි එම බඩු බාහිරාදිය සපයා ඇත්තේ.

මේ අතර බිරිඳ නිධානය ගොඩගන්නා අවස්ථාවේ දී අදාළ නියෝජ්‍ය පොලිස්පති සැමියා ද අනුරාධපුරයේ රැඳී සිට ඇති බවට පවතින සැකයක් මත විමර්ශනය ද අරඹා තිබෙනවා.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමේ නිරතව සිටිය දී දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අටදෙනෙක් පසුගිය 14 වනදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

  1. ඔයා පුවතක් දාන කොට, නම්, ගම් එක්ක දාන්න, වහෙන් ඔරෝ කියන්න එපා, එහෙමනම් පුවත නොද ඉන්න. බුරුවා ගැහුවත් එකයි, බූරු පොලේ හිටියත් එකයි. ඕක තමයි පොලිසියේ නීතිය. ඒක උන්ටත් අදාලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12