“Clean Sri Lanka” ගැන උසස් ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

“Clean Sri Lanka” ව්‍යාපෘතිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ සහ ඊට අදාළව ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ (24) පැවැත් වුණා.

ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම වැඩසටහන පැවැත් වූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම මුලපිරීම ඔස්සේ දිළිඳුකම පිටුදැකිම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම ඇතුළු ප්‍රධාන සමාජ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේදී “Clean Sri Lanka” ජාතික මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා සක්‍රීයව දායක විය හැකි ආකාර පිළිබඳව සහභාගී වූ පිරිස දැනුවත් කිරීම මෙන්ම, ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හා යෝජනා ලබාගැනීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

මෙම වැඩසටහනේ අරමුණු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කළ හැකි ආකාර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තුළ පරිවර්තනීය වෙනස්කම් ඇති කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව ඇති හැකියාවන් පිළිබඳ මෙම සාකච්ඡාවේ දී නිලධාරීන් විසින් අවධාරණය කළා.

“Clean Sri Lanka” වැඩසටහන ඔස්සේ මෙරට භෞතික හා පාරිසරික පාරිශුද්ධත්වය වැඩිදියුණු කිරීමට පමණක් නොව සියලු පුරවැසියන්ගේ ජීවිතවලට ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කරනවා.

රජයේ සෑම තරාතිරමකම නිලධාරීන් විනිවිදභාවයකින් සහ වගවීමෙන් කටයුතු කිරීම මෙන්ම ඩිජිටල්කරණය හා තාක්‍ෂණය දියුණු කිරීම, දේශීය ආර්ථිකයට සහාය වීම සහ ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රධාන අංග රාශියක් මෙම වැඩසටහනට ඇතුළත්.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන ආරක්ෂක අමාත්‍යාංශය පිරිසිදු හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහාවන රජයේ දැක්මට සහාය දැක්වීමට සිය කැපවීම යළිත් අවධාරණය කළා.

රාජ්‍ය අංශයේ ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර ක්‍රියාකාරී සහයෝගීතාව මත “Clean Sri Lanka” වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින බව මෙහි දී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08