AFC Banner
AFC Banner
Empty Ad

CCTV පරීක්ෂාවෙන් රථවාහන වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම අරඹයි

කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගැනීම සහ දඩ පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (01) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මූලික ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී පද්ධතිය මඟින් රථවාහන වැරදි හදුනා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කෙරුණේ පසුගිය 28 වන සිටයි.

කොළඹ නගරය තුළ ස්ථාපිත සීසීටීවී කැමරා පද්ධතියට හසුවන ලෙස රියදුරෙකු විසින් වරදක් සිදු කළ හොත් දඩ පත්‍රිකා ලබා දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

මේ අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනයකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන දෙමටගොඩ රුවන් ගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?