ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කළ සැකකරු අල්ලයි

කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ සවිකර තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් අලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණ එය කපා රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි සැකකරු එප්පාවල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා බිංගිරිය ඌරතැන්න පාර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් හතලිස් පන් ලක්ෂ හැට දෙදහසක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

සොරකම් කළ මුදල්වලින් මිලදී ගත් රුපියල් 650,000ක් වටිනා රන් අත් පළඳනාවක් හා රන් මාලයක් රුපියල් 550,000ක් වටිනා යතුරුපැදියක් රුපියල් 370,000ක් වටිනා ජංගම දුරකථනයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම සොරකම් කළ මුදල්වලින් රුපියල් 550,000ක ණය මුදල් බේරා ඇති අතර තවත් රුපියල් 200,000කට ආසන්න මුදලක් ගමන් වියදම් සඳහා වියදම් කර ඇති බව සැකකරු හෙළිකර තිබෙනවා.

පසුගිය කාලයේ මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට තිබූ ATM යන්ත්‍රය කඩාඩ මුදල් සොරකම් කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට අනාවරණ වී ඇති අතර බිංගිරිය පොලිස් වසමේ ATM යන්ත්‍රයක් ද අනුරාධපුර පොලිස් වසමේ තවත් ATM යන්ත්‍ර දෙකක් ද කඩා මුදල් සොරකම් කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එම සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බව ද සඳහන්.

දින 12ක කාලයක් තුළ මෙම සොරකම සිදු කළ සැකකරු හා මුදල් සොයා ගැනීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන්ට හැකිවී ඇති අතර සොරකම් කළ ඉතිරි මුදල් ද සොයා ගැනීමට එම කණ්ඩායම විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?