AFC Banner
Empty Ad
Empty Ad

Anonymous හැකර්කරුවන් දින 12කින් ශ්‍රී ලංකාවේ සියළු වංචාවන් හෙළි කිරීමට සූදානම් බව පවසන කතාව බොරුවක් – ඇත්ත කතාව මෙන්න

The Ghost නැමැති You Tube නාලිකාවක් හරහා පළ කල ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුලින් ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ සිදුකළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම යුටියුබ් නාලිකාව මගින් කරුණු දක්වා තිබුණා.

එහි ඇතුලත් කරුණු අනුව දක්වා තිබුණේ රාජපක්ෂ පවුලේ සඟවා ඇති වත්කම් ගැන දින 12කින් කරුණු හෙළි කිරීමට Anonymous හැකර්කරුවන් විසින් කටයුතු කරනු ලබන බවයි.

මෙම වීඩියෝව ගැන බොහෝ දෙනා අදහස් දක්වමින් සිටින අවස්ථාවකදී ගොසිප් ලංකා අප කරුණු කිහිපයක් සොයා බැලුවා.

එහිදී අපට අනාවරණය වුයේ මෙම The Ghost නැමැති You Tube නාලිකාව ආරම්භ කර ඇත්තේ 2022 වර්ෂයේ අප්‍රේල් මස 07 වෙනිදායි. එමෙන්ම එම නාලිකාව විසින් මේ දක්වා විඩියෝ 17ක් එළිදක්වා තිබෙනවා. එම සියලු වීඩියෝ වලින් රාජපක්ෂ පවුලට අදාළ වීඩියෝ පට පමණක් මුදා හැර තිබෙනවා.

anonymus
ano 1

Anonymous හැකර්කරුවන් සිය නිල දැනුම් දීම් ආදිය සිදුකරන ක්‍රමවේදය පරිභාහිරව මෙම වීඩියෝ මගින් කරුණු දැක්වීම සැකයට තුඩු දෙන කරුණක් ද වනවා.

මන්ද අප්‍රේල් මස 07 වෙනිදා ආරම්භ කරන ලද යුටියුබ් නාලිකාවක් මගින් මෙම කරුණු හෙළිදරව් කිරීම පිටුපස සිටින්නේ සැබෑම Anonymous හැකර්වරුන් ද යන්න හෙළි කිරීමට සමත් ප්‍රබල සාක්ෂියක් නොමැති වීම නිසාවෙන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?