The Ghost නැමැති You Tube නාලිකාවක් හරහා පළ කල ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.
මෙම වීඩියෝව තුලින් ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ සිදුකළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම යුටියුබ් නාලිකාව මගින් කරුණු දක්වා තිබුණා.
එහි ඇතුලත් කරුණු අනුව දක්වා තිබුණේ රාජපක්ෂ පවුලේ සඟවා ඇති වත්කම් ගැන දින 12කින් කරුණු හෙළි කිරීමට Anonymous හැකර්කරුවන් විසින් කටයුතු කරනු ලබන බවයි.
මෙම වීඩියෝව ගැන බොහෝ දෙනා අදහස් දක්වමින් සිටින අවස්ථාවකදී ගොසිප් ලංකා අප කරුණු කිහිපයක් සොයා බැලුවා.
එහිදී අපට අනාවරණය වුයේ මෙම The Ghost නැමැති You Tube නාලිකාව ආරම්භ කර ඇත්තේ 2022 වර්ෂයේ අප්‍රේල් මස 07 වෙනිදායි. එමෙන්ම එම නාලිකාව විසින් මේ දක්වා විඩියෝ 17ක් එළිදක්වා තිබෙනවා. එම සියලු වීඩියෝ වලින් රාජපක්ෂ පවුලට අදාළ වීඩියෝ පට පමණක් මුදා හැර තිබෙනවා.


Anonymous හැකර්කරුවන් සිය නිල දැනුම් දීම් ආදිය සිදුකරන ක්‍රමවේදය පරිභාහිරව මෙම වීඩියෝ මගින් කරුණු දැක්වීම සැකයට තුඩු දෙන කරුණක් ද වනවා.
මන්ද අප්‍රේල් මස 07 වෙනිදා ආරම්භ කරන ලද යුටියුබ් නාලිකාවක් මගින් මෙම කරුණු හෙළිදරව් කිරීම පිටුපස සිටින්නේ සැබෑම Anonymous හැකර්වරුන් ද යන්න හෙළි කිරීමට සමත් ප්‍රබල සාක්ෂියක් නොමැති වීම නිසාවෙන්ය.














Anonymous operation youtube channel eka balanna eke athi dala.
ඒ උනාට Anonymous ලගෙ Twitter එකෙන් මේ පුවත Retweet කරල තියෙනවා. මෙහෙම දෙයක් උන් කරන් නැත්නම් උන් ඒක Retweet krn nhne
Anonymous යනු තැනි කෙනෙක් නොවන අතර ඔහුගේ කණ්ඩායම විවිධ රට වල සිටිමි අතර.ඔවුන් සියල්ල හෙලි කිරම ඔවුන්ගේ official website එකේ සටහන් කරනු ඇත.ඉතාමත් පොඩි කාලයක් ඇති බැවින් ඉවසා සිටියන්න ඇත්තක්ද බොරුවක්ද? දැනගැනීම හැකි වෙනු ඇත.එවිට අපි තීරණය කරමු..මම සෙවු කරුණු අනුව anonymous කණ්ඩායමට හානි වෙන කැරුණු පළ කිරීමෙන් ඔවුන්ගේ ගරුත්වය කෙලෙස පුද්ගලයන්ගේ account hack කිරීමක් සිදු වේ the ghost තවම hack වි නොමැත ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි මිට දවස් කිහිපයකට පෙර හැරි තිබුණ අතර කිසිදු දෙයක් තවම සිදු වි නොමැත..ඔබත් පරිස්සමෙන් ඉන්න.😁