AFC Banner
Empty Ad
Empty Ad

AK-47 ගිනි අවියක් සමග ටයිම්ස් චතුරස්‍රයට පැමිණි තරුණයෙකු අත්අඩංගුවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඔහියෝහි වෙසෙන 18 හැවිරිදි තරුණයෙකු ටයිම්ස් චතුරශ්‍රයේ උමං දුම්රිය ස්ථානයකදී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී AK-47 ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ගෑස් මුහුණු ආවරණයක් සොයා ගත් බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

නිව්යෝක් පොලිස් කොමසාරිස් ඩර්මොට් ෂියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් භාණ්ඩ රාජසන්තක කළ අතර, මෙම තරුණයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානාපොලිස් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි රැසක් වූ පරිසරයක මෙම අත්අඩංගුවට ගැනීමද සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?