AirArabia ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට

එමිරාටි අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා ලබන වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි 03 වනදා අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කරන බවයි ගුවන් සමාගම ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට පැමිණීම එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය සනිටුහන් කරනවා.

මෙම පියවර එයාර් ඇරබියා අබුඩාබි අගනුවරට සහ ඉන් පිටත සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ වැඩසටහනේ කොටසක්.

එයාර් ඇරබියා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඇඩෙල් අල් අලි ප්‍රකාශ කළේ අබුඩාබි සිට සෘජු ගුවන් ගමන් සමඟින් වර්ධනය වන ජාලයට කොළඹ එක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.

ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳව වසර 03 කට පමණ පසු සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වා තිබුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.
රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සයීෆ් අල් සුවයිදි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති චාලීඩ් නසාර් අල් අමෙරි යන මහත්වරුන් ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගී වී සිටියා.

එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් සේවා වන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවා වෙනුවෙන් නියෝජිතයන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා වන එමිරේට්ස්, ඉටිහාඩ්, ෆ්ලයි ඩුබායි සහ එයාර් ඇරේබියා ගුවන් සේවා නියෝජනය කරමින් නියෝජිතයන් ද සහභාගී වී සිටි බව සඳහන්.

ඔවුන් දෙරට අතර ගුවන් ගමන් සේවා යාවත්කාළීන කිරීමටත්, ලෝකයේ නව ප්‍රවනතා අනුව ගුවන් ගමන් මෙහෙයුම් සකස් කිරීම සහ වර්ධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡා වලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29