සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගේ තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ලද තොරතුරකට අනුව ඊයේ (06) ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එහිදී අත්අඩංගුවට ගත් කරුණානයක පතිරනලාගේ සුමිත් ප්‍රසන්න නැමැති වයස අවුරුදු 36ක පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්රෑමි 14 යි මිලි ග්රෑමි 600 ක්, මුදලින් රුපියල් එක්ලක්ෂ විසි දහසක්, කඩුවක්, රන් පැහැති අත්පලඳනාවක්, ජංගම දුරකථන 02 ක් සොයාගෙන තිබෙනවා.
ඒකනායකගේ දොන් ලක්ෂිත චතුරංග නැමැති අනෙක් සැකකරු සන්තකයේ තිබී වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක්, ජංගම දුරකථන පහක්, හෙරෝයින් ග්රෑමි 15යි මිලිග්රැමි 255ක් සොයා ගත බවයි විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සඳහන් කළේ.
මෙම සැකකරු අදාල දුරකථන භාවිත කරමින් අපරාධ සිදුකරන වෙඩික්කරුවන් සදහා එම දුරකථන ලබා දී අවශ්‍ය මඟ පෙන්වීමි සිදුකරනු ලබන බවට මුලික පරීක්ෂණ වලදී ආනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.